24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive නිදහස් සටනේ විරුවන්
archive

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්
Thisarana Arama
Thisarana Arama
09 Feb, 2021 0
Facebook
Twitter
Telegram
WhatsApp
මෙරට වසර 2538 ක රාජ්‍යය වංශය නිමාවට පත්වූයේ 1815 මාර්තු මස 02 දින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී අත්සන් තැබුණු උඩරට ගිවිසුමත් සමඟිනි. සිංහලයේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට පාලනය උඩරට ප්‍රභූවරුන්ගේ සහයෝගය මත ඉංග්‍රීසීන් ලබාගත්තේ කිසිදු ලේ සෙලවීමකින් තොරවය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැද මහනුවර පල්ලැහැවත්තේ බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟව සිටියදී 1815 පෙබරවාරී 18 දින ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වන විට කන්ද උඩරට රාජධානිය රජවරු 13න් දෙනකු විසින් පාලනය කර තිබිණි. ගම්පොළ රජ කළ සේනාසම්මත වික්‍රමබාහූ රජුගෙන් ඇරඹී රාජ නාමාවලිය නිමාවට පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟිනි. ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වඩුග දේශයෙන් රැගෙන ආ ප්‍රමිලා කුමරිය තම බිසව බවට පත්කර ගැනීමෙන් පසු ඇයගේ සහෝදරයා ශ්‍රී විජය රාජසිංහ ලෙස රජ වීමත් සමඟ සිංහල රාජ්‍යය වංශය නිමාවට පත්විය. ඉන් පසුව නායක්කාර වංශික රජවරු තම නෑදෑ හිතවතුන් ප්‍රධාන පාලන තනතුරුවලට පත්කර ගැනීම හේතුවෙන් රජු හා ජනතාව අතර තරමක දුරස් බවක් ඇති වූයේ උඩරට නිලමේවරු රජුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම හේතුවෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඝාතනය කිරීමට සැලසුම් කිරීම මත පිළිමතලව්වේ මහාධිකාරම් රජුගේ උදහසට ලක්ව රාජ අණ මත ඝාතනයට ලක්වන අතර එම තනතුරට පසුව පත්වන්නේ ඇහැලේපොළය. පසුකාලීනව ඔහු සබරගමුව දිසාව භාරව සිටියදී ඇහැළේපොළ පවුල රජු විසින් ඝාතනය කරනු ලැබීම සිංහල ජනතාව රජු කෙරෙහි පවතින කලකිරීම උග්‍ර වීමට හේතුවිය.

කන්ද උඩරට පාලනය ඉංග්‍රීසීන්ට ලබා ගැනීම සඳහා ඇහැලේපොළ ඇතුළු උඩරට ප්‍රභූන් උදව් කිරීමෙන් පසු දෙපාර්ශ­්වය උඩරට ගිවිසුම මගින් පාලනය සඳහා යම් යම් කොන්දේසි පැනවීම් සිදුකර ගනු ලැබූ අතර එය මෙරට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පිළිගැනෙන ප්‍රථම ලියවිල්ල විය. කරුණු 12 කින් සමන්විත එම ලියවිල්ල සඳහා ඇහැලේපොළ මහ නිලමේ, මිල්ලව - (වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව), රත්වත්තේ -(මාතලේ දිසාව), ගලගොඩ - (නුවර කලාවියේ දිසාව) මොල්ලිගොඩ මහ අධිකාරම් (සත් කෝරළේ දිසාව), මොල්ලිගොඩ (කනිෂ්ඨ) - (තුන් කෝරළේ දිසාව), පිළිමතලව්වේ - (දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව), පිළිමතලව්වේ (කනිෂ්ඨ) - (සතර කෝරළේ දිසාව), මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - (ඌවේ දිසාවේ), ගලගම -(තමන්කඩුවේ දිසාව) මෙරට වෙනුවෙන්ද බ්‍රිතාන්‍යය රජය වෙනුවෙන්, රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාර, ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක, ජේම්ස්‌ සදර්ලන්ඩ් (ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පළාත් බාර ලේකම්) අත්සන් තැබූහ. එහි පහත කරුණු අඩංගු විය.

1. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් මලබාර් රජුට උඩරට සිහසුනට තිබෙන සියලු අයිතිවාසිකම් අහිමි වීම.

2. රජු යුද්ධයෙන් පරාජය වී සිහසුනෙන් පහ කර ඇති බැවින් ඔහුගේ රජ පෙළපතට උරුමය අවලංගු කොට ශූන්‍ය කරන ලදී.

3. ඔහුගේ සියලුම පිරිමි නෑදැයින් රටින් පිටුවහල් කළ යුතුය.

4. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ස්වරාජ්‍යයක් ලෙස පාලනය යටත් විජිත ආණ්ඩුකාරවරුන් විසින් ගෙන යා යුතුය. මෙහිදී අධිකාරම්වරු, දිසාවේ, මොහොට්ටාල, කෝරළේ, විදානේ සහ අනෙකුත් පහළ නිලධාරීන්ගේ බලතල හා ප්‍රසාද ඔවුනට එසේම තිබිය යුතුය.

5. බුද්ධාගම නො කෙළෙසිය යුතුය. එහි අයිතිය පවත්වාගත යුතු මෙන්ම ආරක්ෂා කළ යුතුය.

6. ශාරීරික වද බන්ධන පැනවීම සහ අංග ඡේදන නොකළ යුතුය.

7. මරණ දඬුවම පැමිණ වීම නියම කළ හැක්කේ ආණ්ඩුකාරයාට පමණි. අනෙකුත් ප්‍රධාන දඬුවම් රජයේ නියෝජිතයෙකු ඉදිරිපිටදී පමණක් විය යුතුය.

8. සියලු සිවිල් සහ අපරාධ නඩු විමසීම උඩරැටියන් සම්බන්ධයෙන් දැනට පවත්නා නියමයන් යටතේ සිදු විය යුතුය. අවශ්‍යතැන්වලදී අවශ්‍ය විටෙක ඊට මැදිහත් වීමේ බලය ආණ්ඩුව වෙත තිබිය යුතුය.

9. උඩරට නොවන අනෙකුත් අය සඳහා බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්විය යුතුය.

10. තුන් කෝරළයේ සහ හතර කෝරළයේ සහ සබරගමුව යාකර ගැනීමේ ප්‍රකාශය අවලංගු වේ.

11. එංගලන්තයේ රජු සහ දිවයිනේ අභ්‍යන්තර ආයතනවල පැවැත්ම සඳහා බදු සහ ආදායම් එකතු කළ යුතුය.

12. වෙළඳාම් සහ වාණිජ කටයුතුවලට පහසුකම් සැපයීම කළ හැක්කේ රජයට පමණි.

මෙම ගිවිසුමේ කරුණු එකින් එක ඉංග්‍රීසීන් විසින් උල්ලංඝණය කිරීමත් සමඟ ඒ වන විටත් ඉංග්‍රීසී ආණ්ඩුවේ තනතුරු දරමින් සිටි උඩරට රදළ නායකයෝ නිදහස් සටනක් දියත් කිරීම පිණිස සැලසුම් සකස් කළහ. විශේෂයෙන් ගිවිසුමේ පස්වන කොන්දේසිය වන බුද්ධාගමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඉංග්‍රීසීන් ක්‍රියා නොකිරීමේ ප්‍රතිලඵයක් ලෙස මහ සංඝරත්නය ද නිදහස් සටනක අවශ්‍යතාව සම්බන්ධයෙන් ජනතාව යොමු කිරීමට පියවර ගනිමින් තිබිණි. ඌවේ බදු එකතු කිරීමේ කටයුත්ත එතෙක් සිදුකළ කොහොඹුරේ රටේ රාළගෙන් ඉවත් කර ඒ සඳහා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් හජ්ජි මරික්කාර් පත් කිරීමත් සිංහලයෝ නොරිස්සූහ. මේ වන විට ඉංග්‍රීසී පාලනයට එරෙහිව නැගී සිටීම සඳහා මෙරට ජනතාවට රාජ වංශික රුධිරය ඇති නායකයකු නොවීම බරපතළ ගැටලුවක්ව තිබූ නමුත් එය පහව ගියේ ඉහගම රතනපාල හිමි රාජාධි රාජසිංහ රජුගේ පරපුරේ පුරුකක් ලෙස දොරේසාමී නැමැති අයෙකු හඳුන්වාදීමත් සමඟිනි. මේවන විට බූටෑවේ රටේ රාළ, කිවුලේ ගෙදර මොහොට්ටාල, බදුලු ගම්මන රටේ රාළ, කතරගම මහ බෙත්මේ රාළ, කතරගම කුඩා බෙත්මේ රාළ, කොහොඹුරේ ආරච්චිල, තිසාහාමී මුදියන්සෙලාගේ ගං ඇති රාළ නැමැති අය එක් එක් ස්ථානවල කණ්ඩායම් වශයෙන් ඉංග්‍රීසීන්ට එරෙහිව ගෙනගිය සටන් මේ සමඟ ඒකාරාශී වූ බලවේගයක් බවට පත්විය.

මඩිගේ බද්ධ එකතු කිරීමට ඉංග්‍රීසීන් විසින් පත්කළ හජ්ජි මරික්කාර්ව සිංහල සටන්කාමීන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන අනාගත කිරුළ අපේක්ෂාවෙන් සිටි දොරේසාමී ඉදිරියට පමුණුවා ඔහුගේ නියමයෙන් ඝාතනය කිරීම ඉංග්‍රීසින්ගේ උදහසට හේතුවූ අතර සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් දිසාපතිවරයා විසි දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ ඌවට ගොස් මේ පිළබඳව බූටෑවේ රටේ රාළ සමඟ කළ සාකච්ඡා විසැඳුමකින් තොරව නිමාවීමත්, ආපසු යමින් සිටි දිසාපතිවරයා හා ඔහුගේ භාෂා පරිවර්තක ගල්ඔය නිම්නය ආසන්නයේදී 1817 සැප්තැම්බර් 16 දින ඊ පහරකට ලක්ව මියයෑමත් ඌව වෙල්ලස්ස නිදහස් සටනට පාර කපන්නට ප්‍රබල හේතුවක් විය.

තිසාහාමිගේ ගං ඇති රාළ විසින් විෂ කවන ලද ඊතල දෙකක් භාවිත කර යාර 200 ක පමණ දුර සිට ඉංග්‍රීසී ජාතික දිසාපතිවරයා හා ඔහුගේ භාෂා පරිවර්තක ඝාතනය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරු ඊතනවත්ත පත්තිනි දේවාලය වෙත ගෙන ගොස් කඩු ගා දිවිහිමියෙන් ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් කරන බවට සිංහල නායකයින් සපථ වූ බව ඉතිහාසයේ දැක්වෙයි.

එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාරව සිටි මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමන්ව කැඳවූ ඉංග්‍රීසි පාලකයින් සිංහල කැරැල්ල මැඩපැවැත්වීම පිණිස ආයුධ සන්නද්ධ හේවායින් සමඟ ඔහු ඌවට පිටත් කර හරිනු ලැබීය. “ඉංග්‍රීසීන් අපේ රට විනාශ කරනවා. දළදා වහන්සේගේ තේවා කටයුතු පවා කලට වේලාවට සිදුකරන්නේ නැහැ. අපේ දරුවෝ කුල කාන්තාවෝ විනාශ කරනවා. අපේ සියලු දේවල් ඔවුන් අත්පත් කර ගන්නවා. ඔබ ඊට අනුබල නොදී අපේ නිදහස් සටනට එකතුවී නායකත්වය දෙන්න” යැයි සිංහල සටන්කාමීන් කළ ඉල්ලීමට කන් දෙමින් මොණරවිල කැප්පෙටිපොළ තමන් පැමිණි පිරිස අමතා “මොණරවිලත් සිංහල නිදහස් සටනට එකතු වුණා. ගිහින් සුද්දට කියපන්” යැයි ඔහු සමඟ පැමිණි පිරිසට පවසා පිටත්කර හැර තිබේ. සටන 1817 සැප්ත්ම්බර් 16 සිට 1818 නොවැම්බර් 26 දක්වා පැවැතිණි. යුද පෙරමුණු හතරක් ඔස්සේ සටන මෙහෙයවූ අතර හත්කෝරළයට පිළිමතලව්වේද, මාතලේට මඩුගල්ලේද, දුම්බර හේවාහැටට ඇහැලේපොළද, ඌව වෙල්ලස්සට මොණරවිල කැප්පෙටිපොළද නායකත්වය දුන්හ. මෙම සටනේදී සිංහල සටන්කාමීන් දස දහසක් පමණ මරණයට පත්ව තිබේ. ආබාධිතවූ පිරිසද ඒ හා සමානය. මෙය වධක පිටිය භාරව සිටි ජර්මන් ජාතික හෙන්රි මාෂල් සනාථ කර තිබේ.

සටන උග්‍ර අන්දමින් ක්‍රියාත්මක වෙමින් තිබියදී 1818 ජනවාරී 10 දින තමන් රාජකාරී කළ අති උතුම් බ්‍රිතාන්‍යය රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීම නිසා මොණරවිල ඇතුළු ඉංග්‍රීසි ආණ්ඩුවේ රාජකාරි කළ පිරිස දේශද්‍රෝහීන් ලෙස නම් කිරීමට ඉංග්‍රීසීන් පියවර ගත්තේය. පසුව සටනට එක්වූ තවත් විශාල පිරිසක් මෙලෙස රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට ඔවුන් පියවර ගත්තේ සිංහල සටන්කාමීන්ගේ දේපොළද රාජසන්තක කරමිනි. මෙම ගැටුමින් ඉංග්‍රීසී ජාතිකයින් 2000ක් පමණ මරණයට පත්ව ඇත. ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් තිබූ නිදහස් සටන පරාජය වීමට හේතු කිහ­ිපයක්ම බලපෑවේය. ඉන් ප්‍රධාන වූයේ තමන් අනාගත රජු යැයි විශ්වාස කළ දොරේසාමී රාජ‍ ලෙයට හිමකම් නොමැති සාමාන්‍ය අයකු බව හෙළිවීමයි. එය ජෝන් ඩොයිලි මුල්වී සිදුකළ අතර සිංහල නායකයින් අතර මත ගැටුම් ඇතිවීම, ඔවුන් පාචනය, අතීසාරය වැනි නොයෙක් බෝවන රෝගයන්ට ගොදුරු වීම, ඇතමුන් වාසි වෙනුවෙන් පාවාදීම් සිදු කිරීම සටන පරාජය වන්නට ප්‍රබලව බලපෑ කාරණා විය.

සටන පරාජය වීමත් සමඟ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් විමුක්ති සටනේ නායකයින් රැසක් ඝාතනයට ලක්කළ අතර තවත් පිරිසක් රටින් පිටමං කරනු ලැබූහ.

බූටෑවේ රටේ රාළ 1818 ඔක්තෝම්බර් මස 20 දින පෙරවරු 9. 00 ට කැටබෝව ඉංග්‍රීසී කඳවුරේදී එල්ලා මරනු ලැබීය. අඹගොල්ලේ උන්නාන්සේ හා ඔළුපැලියාවේ හිමි එම වසරේ සැප්තැම්බර් 25 දින ගෙළ සිඳ මරා දමනු ලැබූහ. බමරබැද්දේ ගල් ගුහාවක සැඟව සිටියදී 1818 සැප්තැම්බර් මස 06 දින අත් අඩංගුවට පත් ඇල්ලේපොළ නිලමේ බෝගම්බර වධක පිටියේදී එම මස 27 දින හිසගසා මරා දැමීමට නියම විය. අරම්පොළ ලොකු මොහොට්ටාල එල්ලා මරනු ලැබුවේ නොවැම්බර් මස 10 දිනය. කපිතාන් ඔනීල් විසින් අනුරාධපුර පරවහගම කාහල්ලේ වලව්වේදී ඔක්තෝම්බර් මස 26 දින පිළිමතලව්වේ හා කැප්පෙටිපොළ අත්අඩංගුවට ගත්හ. මඩුගල්ලේ නිලමේ ඇලහැර ගල්ලෙනක සිටියදී කපිතාන් ෆුල්ප්‍රෙඩ් විසින් 1818 නොවැම්බර් 02 දින අත්අඩංගුවට ගත් අතර ඉහළගම නිලමේ නොවැම්බර් 11 දින සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට පත්විය.

ඉංග්‍රීසී ආණ්ඩුව විසින් නම් කළ යුද අධිකරණයක් මගින් කැප්පෙටිපොළ දිසාව හා මඩුගල්ලේ මරා දැමීමටත් සෙසු පිරිස රටින් පිටුවහල් කිරීමටත් තීන්දු කළේය. ඒ අනුව වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවා බෝගම්බරදී නොවැම්බර් මස 26 දින හිස ගසා මරා දමනු ලැබුවේ ඌව වෙල්ලස්ස නිදහස් සටන ඉතිහාසයට එක් කරමිනි. ලිවර්පූල් නෞකාවෙන් 1819 පෙබරවාරී 17 දින යුද සිරකරුවන් ලෙස නම්කළ විරුවන් 27 දෙනකු දකුණු අප්‍රිකාවේ මුරිසි දිවයිනේ පවුඩර් මිල්ස් කඳවුරට පිටත් කර යැවිණ ඔවුන් ගෙන් බොහෝ දෙනකුට මරණය වැළඳ ගැනීමට සිදුවූයේ උපන් භූමියේදී නොවීම ඛේදයකි.

1. ඇහැලේපොළ නිලමේ
2. පිළිමතලව්වේ
3. කෙම්පිටියේ කෝරාළ
4. වෑත්තෑවේ රටේ රාළ
5. රාහුපොළ පිහිනරාළ
6. දෙමෝදර මොහොට්ටාල
7. වත්තේකාලේ රටේරාළ
8. වල්පළාගොල්ලේ මුහන්දිරම් රටේ රාළ
9. කැටකුඹුරේ
10. ඊරියගම රටේ රාළ
11. පිටවල ලේකම් තැන
12. ගොඩේ ගෙදර අධිකාරම්
13. වෑගොඩපොළ රටේ රාළ
14. තලගුණේ වන්නකුරාළ
15. වෑගොඩ සලු වඩන නිලමේ
16. කුරුකොහෝගම කිරිබණ්ඩා
17. දෙදුණුපිටියේ මොහොට්ටාල
18. හපන්ගම කුඩා මොහොට්ටාල
19. දන්ගමුවේ මොහොට්ටාල
20. ඊරියගම නිළමේ.
21. කොහුකුඹුරේ රටේ රාළ
22. මත්තේගොඩ දිසාව
23. මීගස්පිටියේ ර‍ටේ රාළ
24. කුනම් මඩුවේ ලේකම්
25. අඹගස්පිටියේ ලේකම්
26. මීවතුරේ පඬිකාර ‍ලේකම්
27. ඉහගම උන්නාන්සේ

මෙම පිරිසත් සමග මෙයට වසර 199 කට පෙර ඌව වෙල්ලස්ස නිදහස් සටනට පණදුන් විරුවන් පිරිසක් ඉංග්‍රීසී පාලකයින් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබීය. එම වරද නිදහසින් පසුද නිවැරදි කරන්නට බලයට පත්වූ කිසිදු පාලකයකු උනන්දු නොවීම නිසා නිදහස් සටනේ විරුවන්ට රාජද්‍රෝහීන් ලෙසම මරණයෙන් පසුද කල් ගෙවන්නට සිදුවිය. ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කළ මහනුවර ශ්‍රීදළදා මාලිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේදී 2017 මාර්තු මස 01 දින මෙම ඓතිහාසික වරද නිවැරදි කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඌව වෙල්ලස්ස නිදහස් සටනේ විරුවන් 56 දෙනකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තබන ලදි.

විශේෂ ස්තුතිය

පුරා විද්‍යා ගවේෂක, ජනශ්‍රැති පර්යේෂක, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික විරාජ් විරංජන බාලසූරිය මහතාට.

කුරුළුවංශ


Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

Tuesday, January 19, 2021
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

Tuesday, January 19, 2021

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2023 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us