24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?
archive

බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

ලිපිය ටිකක් දිග වුනත්, අවසානයටම කියෙවුවොත් ඔබ හුඟක් දෙනෙකුට හිරිවඩුන්න ගැන අලුත් රසවත් කතාවක් දැනගන්න පුලුවන් වෙයි.
Thisarana Arama
Thisarana Arama
18 Jan, 2021 0
Facebook
Twitter
Telegram
WhatsApp

මේ සටහන ලියන්න ගත්තේ 2021 ජනවාරි 12 වෙනිදා. පසුගිය දවසක රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක මහත්මයා හිරිවඩුන්න පන්සලට ගියාම පොඩි කලබලයක් ඇතිවුනා කියලා දැක්ක නිසයි ලියන්න හිතුනේ. මම අවුරුදු 20ක්ම ආණ්ඩුවේ රස්සාවක් කරලා දැනට නම් පදිංචිව ඉන්නේ කැනඩාවේ. මේ ලියුමේ තියෙන හිරිවඩුන්න ගැන අත්දැකීම කැනඩාවේදී මට ලැබුනත්, තොරතුරු රාශියක්ම තියෙන නිසා ලිපිය ටිකක් දිග වුනත්, අවසානයටම කියෙවුවොත් ඔබ හුඟක් දෙනෙකුට හිරිවඩුන්න ගැන අලුත් රසවත් කතාවක්  දැනගන්න පුලුවන් වෙයි. 

හිටපු හිරිවඩුන්න අරණ්‍ය සේනාසනාධිපති මුණගැසීම 

අවුරුදු දෙකකට ඉස්සර වෙලා කැනඩාවේ අපේ පන්සලේ වස් වැසීමට නායක හාමුදුරුවන් වහන්සේ නමක් වැඩම කලා. ඒ ස්වාමීන්වහන්සේ මීට පෙර හිරිවඩුන්න පංසල  (සුදුබෝධිය) කියන හිරිවඩුන්න ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩවාසය කරපු ඉන්පස්සේ දඹුල්ල වෑවලවල පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිපති, අස්ගිරි නිකායේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවිය හෙබවූ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය නාලන්දේ ජිනාරාම ස්වාමීන් වහන්සේයි. හිරිවඩුන්න ගැන කතාබහක් ඇතිවුන වෙලාවක මම "හාමුදුරුවනේ බුද්ධගයාව කියන්නේ හිරිවඩුන්නටද" කියලා උන්වන්සේගෙන් විමසුවා. උන්වහන්සේ පොඩි සිනාවක් පහල කරලා පහත සඳහන් බොහොම රසවත් විස්තරේ මට කිව්වා. අහන්නකෝ උන්වහන්සේගේම වචන වලින්.

වසභ රජතුමා විසින් කරවන ලද  වැව

හිරිවඩුන්න කියන්නේ වසභ රජතුමා කරවපු වැවක් තියෙන පුරාණ ගමක්. වසභ රජතුමා ක්‍රිස්තු වර්ෂ 67 සිට 111 දක්වා අවුරුදු 44 ක්ම රජකම් කරලා තියෙනවා. හිරිවඩුන්න තියෙන්නේ හබරණ හන්දියට කි.මි. 5 ක් පමන දුරින්. මේ ගමේ තියෙන විහාරස්ථානයත් බොහොම පැරණියි කියන්න පුලුවන් සාධක බොහොම තියෙනවා. වසභ රජතුමාගේ කාලයට සම්බන්ධ විය හැකියි. 

සුදු බෝධිය

විහාරස්ථානයේ බෝධියත් බොහොම පැරණියි. මම ඒ විහාරස්ථානයේ ඉන්න කාලේ බෝධියේ මුල ආශ්‍රිතව සුදුපාට කොල 10 ක් පමණ තියෙන කුඩා අත්තක් හැදුනා. මේ නිසා බෝධිය "සුදු බෝධිය" කියලා ප්‍රසිද්ධ වුනා. අපි මේ සුදු අත්ත ගැන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිලධාරීන් දැනුවත් කලා. ඒ අය පරීක්ශා කරලා බලලා කිවුවා මේක ජාණ විකෘතියක් නිසා ඇතිවුන සාමාන්‍ය ස්වභාවික සිදුවීමක් කියලා. ටික දවසකින් මේ අත්ත මැරිලා ගියා. ආයිත් සැරයක් එතනම සුදුපාට අත්තක් හැදුනා.  ඒකත් මැරිලා ගියා. ඊට පස්සේ තවම  එතන සුදුපාට අත්තක් හැදුනේ නැහැ. ඒ දවස්වල මට මතකයි මීවනපලානේ කියලා නම පටන්ගන්න වයසක සාමනේර උන්නන්සේ කෙනෙකුත් ඇවිත් මේ සුදුපාට අත්ත බලල ගියා.

නේරංජනා නදිය සෑදුන සැටි සහ පහන්බණ්ඩාර යක්ෂයා 

වසභ රජතුමා හදුපු වැවේ කන්ඩිය 1956 ඇතිවුන ගංවතුරේදී කැඩිලා ගිහින් කුඩා දිය පාරක් හැදුනා. ඒ දියපාර තවමත් එතන තියෙනවා. දැන් වැවේ වාන්වතුර යන්නේ එතනින්. හිරිවඩුන්න ආශ්‍රිත ගම්වල උදවියගේ පැරණි කාලේ ඉඳලා සිරිතක් තියෙනවා පලවෙනි වී අස්වැන්න ලැබුනාට පස්සේ "පහන් බණ්ඩාර" කියන යක්ශයෙකුට, සමහරු දෙවිකෙනෙක් කියලාත් කියනවා, කිරිබත් පූජාවක් පවත්වන්න. මේ කිරිබත් පූජාකරණ ගල් මේසය "කිරිබත්දෙන ගල" කියලා ඉස්සර ඉඳලාම ප්‍රසිද්ධයි.

සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජා කරනු ලැබුවා යැයි සැලැකෙන ගල්මේසය නිර්මාණය කිරීම 

ටික කාලෙකට පස්සේ ආරංචියක් ආවා, අර මීවනපලාන නම තියන සාමනේර උන්නන්සේ අපේ විහාරස්ථානයට ඇවිත් ගියාට පස්සේ කියලා තියෙනවාලු අර කුඩා දියපාර නේරංජනා නදියයි කියලා. අර පහන් බණ්ඩාරට කිරිබත් දෙන ගල් මේසය පෙන්නලා කියලා තියෙනවා මෙතන තමයි සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජාකරපු තැන කියලා. මේ වගේ හිතට එන එන දේවල් කියන්නේ ඇයි කියලා හිතන්න අමාරුයි. මානසික ආබාධයක් නැතිනම් යටි අදහසක් ඇති කියලා හිතෙනවා.    

අරණ්‍ය සේනාසනයෙහි නිසල බවට බාධා පැමිණීම 

ඔය කියන දියපාරයි, බොධියයි තියෙන්නේ බොහොම ලඟින්, මීටර් 50 ක් 60 ක් පමන දුරින්.නමුත් දේශණාවේ හැටියට ශ්‍රී මහා බෝධියත් නේරංජනා ගඟත් අතර සෑහෙන දුරක් තිබිය යතුයි. හිරිවඩුන්නට බුදුරජාණන් වහන්සේ වැඩිය බවකට නම් කිසිම සාධකයක් නැහැ. මේ නිසා මං විහාරාධිපති කාලයේදී දායක සභාවත් සමග සාකච්ඡා කරලා මේ විහාරස්ථානයට ඇතුලුවෙන තැන බෝඩ් එකක් සවිකලා "මෙතැන බුද්ධත්වය ලැබූ බෝධිගයාව නොවේ" කියලා. දැන්නම් ඒ බෝඩ් එක තියෙනවාද දන්නේ නැහැ.

කුසතණ පඳුර නිර්මාණය 

මෙතැන "කුසතණ" පඳුරක් ගැන බොහොම රසවත් කතාවකුත් තියෙනවා. අපේ විහාරස්ථානයට නිතර යන එන බොහොම උදවු කරන උපාසක මහත්මයෙක් මේ ගමේ ඉන්නවා. ඒ උපාසක මහත්මයාගේ නම නම් මගේ මතකයට එන්නේ නහැ. මම විහිලුවට ඒ උපාසක මහත්මයාට කියන්නේ "සොත්තිය බමුණා" කියලායි. ඒ උපාසක මහත්මයා දවසක් විහාරස්ථානයට ඇවිත් කිවුවා, සති දෙකකට විතර "තලාගොඩ" කියන ගමේ ඉන්න දුවගේ ගෙදරට යනවා කියලා, ගෙපලක් කපලා අත්තිවාරමක් දමන්න උදවු වෙන්න.  ආපහු එනකොට, මේ උපාසක මහත්මයා ගෙපල කපපු තැන තිබූනා කියලා පොඩි "කුසතණ" පැලයක් ගෙනැල්ලා විහාරයේ පරවුන මල් දාන තැන කිට්ටුව පැලකලා. මේ පැලයත් බොහොම සරුවට හැදුනා. මේ කුසතණ පඳුර තමයි ඔය මිත්‍යදෘශ්ඨිකයෝ කියන විදියට දැනට අවුරුදු 2600 කට පෙර සොත්තිය බමුණා බුදුරජාණන් වහන්සේට පූජාකරපු කුසතණ 8 මිටක් ගත්තු පඳුර.  

වජ්‍රාසනය නිර්මාණය කිරීම 

විහාරස්ථානයේ පැරණි බෝධිය තියෙන තැන මල් පූජා කරන ගල් ආසනයක් තියෙනවා. දැන් කියනවාලු ඒක තමයි "වජ්‍රාසනය" කියලා. වජ්‍රාසනය කියන තෙරුමවත් මේ අය දන්නේ නහැ. ගල් ආසනයක් ගැන නම් දේශණාවේ කිසිම තැනක සඳහන්වන්නේ නැහැ.  මේවා තමතමන්ගේ හිතට එන විහිලු කතා.

බුද්ධගයාව ආශ්‍රිතව තව බොහෝ ස්ථාන ගැන දේශනාවේ සඳහන් වනවා. බෝධිසත්වන් වහන්සේ දුශ්කර ක්‍රියා කරපු ස්ථානය, සුජාතා සිටුදේවියගේ ගම වූ "සේනානි ගම" ආදී තැන් දැන් ඉන්දියාවට යන අයට බලාගන්න පුලුවනි. දුශ්කරක්‍රියා කරපු ස්ථානය දනට "දුර්ගේශ්වරී" කියලා හඳුන්වනවා. මේ ස්ථානය තියෙන්නේ බුද්ධගයාවට කි.මි. 10 ක් 12 ක් පමන දුරින්. සුජාතා සිටු දේවිය කිරිපිඩු පූජාකරපු ස්ථානයේ අශෝක අධිරාජයා කරවපු විශාල චෛත්‍යයක කොටසකුත් දැකගන්න පුලුවනි.  ඒ වගේම මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩවාසය කලා කියලා සඳහන්වන "පිප්පලී ගුහාවත්" බුද්ධගයාවට කි.මි. 30 ක් 40 ක් දුරින් ගිරි දුර්ගයක තියෙනවා. බිම්බිසාර රජතුමාගේ මාලිගාවේ නටබුන්, ගිජ්ජකූට පර්වතය ආදියත් ඉන්දියාවේ බුද්ධගයාවට තරමක් දුරින් තියෙනවා. බුද්ධගයාව ලංකාවට වඩම්මවන්න දඟලන මේ මිත්‍යදෘශ්ටික උදවිය බුද්ධචරිතය සම්බන්ධ අනිකුත් ස්ථානත් ලංකාවට ගෙනෙයිද දන්නේ නැහැ. හැබැයි හැමදාමත් මිනිස්සුන්ව රවට්ටන්න බහැ.

ඔන්න ඔහොම තමයි අතිපූජ්‍ය ජිනාලංකාර ස්වාමීන්වහන්සේ කතාව අවසන් කෙරුවේ. බලන්න කොතරම් කාලෝචිත, රසවත් සත්‍ය තොරතුරුද කියලා.

17-01-2021

Daya Sarathchandra, Ph.D.

Precise Surveys & Geomatics.

CANADA.

උපුටාගැනීම - 'Path to Nirvana' Facebook පිටුවෙනි. 

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Thisarana Arama

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2022 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us