24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive පසළොස්වක පොහොය දොළහ
archive

පසළොස්වක පොහොය දොළහ

පසළොස්වක පෝය යනු බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව චන්ද්‍ර මාසයක් තුළ යෙදෙන පෝය හතරෙන් එකකි.
Thisarana Arama
Thisarana Arama
03 Jan, 2022 0
Facebook
Twitter
Telegram
WhatsApp

පසළොස්වක පෝය යනු බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව චන්ද්‍ර මාසයක් තුළ යෙදෙන පෝය හතරෙන්  එකකි. සෑම චන්ද්‍ර මාසයකම පසළොස්වක තිථියට යෙදේ. චන්ද්‍ර මාසයක ඇති පෝය දින හතරෙන් වඩාත් වැදගත් සහ වඩාත් ඉහලින් සමරන්නේ පසළොස්වක පොහොය දිනයයි.

දුරුතු පසළොස්වක පොහොය (ජනවාරි)

    1. බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය.

     2. බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල දනව්වට වැඩම කිරීම. එහිදී උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප සමඟ දහසක් ජටිලයන් දමනය කිරීම හා බුදුන් සරණට පත්වීමෙන් පසු පැවිදි කරවීම.

    3. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්හට කේෂ ධාතූන් වහන්සේලා මිටක් පිළිගැන්වීම සහ එය නිදන් කොට මහියංගන චෙෙත්‍ය ඉදි කිරීම.
 

නවම් පසළොස්වක පොහොය (පෙබරවාරි)

    1. රජගහ නුවර වේලුවනාරාමයේදී සැරියුත් මුගලන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුර ලැබීම.

    2. තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරිම.

    3. බුදුරජාණන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත් හැරීම.
 

මැදින් පසළොස්වක පොහොය (මාර්තු)

    1. බුදුරදුන් 20000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝධන රජතුමා හා සිය ඥාතීන්ව අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භය.

    2. රහල් කුමරු පැවිදි වීම

    3. නන්ද කුමරු පැවිදි වීම
 

බක් පසළොස්වක පොහොය (අප්‍රේල්)

    1. ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්,බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් නා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.

    2. බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

    3. සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.
 

වෙසක් පසළොස්වක පොහොය (මැයි)

    1. සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේ බුදුවීම, සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.

    2. දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

    3. කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.

    4. බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.

    5. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

    6. විජය කුමරු ලංකාවට පැමිනීම.

    7. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.

    8. දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

    9. අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

  10. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

  11. මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

  12. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.
 

පොසොන් පසළොස්වක පොහොය (ජුනි)

    1. අනුබුදු මහාමිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

    2. බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.

    3. ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.

    4. දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ල හත්ථිපදෝපම  සූත්‍රය අසා තෙරුවන් සරණ යාම
 

ඇසළ පසළොස්වක පොහොය (ජූලි)

    1. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම

    2. සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම.

    3. රාහුල කුමරුගේ උපත.

    4. බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.

    5. ගණ්ඩබ්බ රුක්මුල්හිදී  මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.

    6. මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.

    7. ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

   8.  ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම.

    9. අරි කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.

  10. ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.

  11. බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

  12. මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

  13. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
    
  14. ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.
 

නිකිණි පසළොස්වක පොහොය (අගෝස්තු)

    1. වස් එළඹීම ඇරඹීම.

    2. ආනන්ද හිමියන් රහත් වීම.
 

බිනර පසළොස්වක පොහොය (සැප්තැම්බර්)

    1. මෙහෙනි සංඝයාගේ ආරම්භය.
බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ.අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැලකලද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය.පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය,එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප්‍රකාශ කලහ.එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීය.

 

වප් පසළොස්වක පොහොය (ඔක්තෝම්බර්)

    1. සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටි සේක.

    2. සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.

    3. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.

    4. අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.

    5. අරිට්ඨ කුමරු මහණ උපසම්පදා ලැබගෙන පන්සීයක් පිරිස සමඟ මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ ද වප් පුන් පොහෝ දිනකදීයී.
 

ඉල් පසළොස්වක පොහොය (නොවැම්බර්)

    1. මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.

    2. ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.

    3. බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.

    4. පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.

    5. චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.

    6. අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.

    7. ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම.
 

උඳුවප් පසළොස්වක පොහොය (දෙසැම්බර්)

    1. සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම.

    2. මුඟලන් තෙරුන් පිරිනිවන් පෑම.

    3. සිරිපා වන්දනාව ආරම්භ කරන පොහොය වීම.

From: Wikipedia.

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020
ගොටුකොළ පානය

ගොටුකොළ පානය

Tuesday, December 22, 2020
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

බුද්ධගයාව හිරිවඩුන්නට වැඩියාද?

Tuesday, January 19, 2021

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020
ගොටුකොළ පානය

ගොටුකොළ පානය

Tuesday, December 22, 2020
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2023 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us