24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය
archive

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ප්‍රත්‍යක්ෂ ගංසූරිය ප්‍රතිකාරය
Thisarana Arama
Thisarana Arama
16 Sep, 2022 0
Facebook
Twitter
Telegram
WhatsApp

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මගෙන් විමසා සිටි නමුත් ඒ කාටවත් මෙය පැහැදිලි කිරීමට නොහැකි වූයේ මා හට විවේකයක් නොතිබුණු නිසා ය.

නමුත්, දැනට සෑහෙන කාලයක පටන් මට මේ ආබාධයේ රෝග ලක්ෂණ පහළ වී තිබිණි. එය මට මුළින්ම දැනෙන්නට පටන් ගත්තේ පඩි පෙළක් නගිද්දී ය. මගේ නිවස තනි තට්ටුවේ නිවසක් වූ හෙයිනුත්, එහි පඩි නැගීමට නැති හෙයිනුත් මට එය ලොකුවට දැනුනේ නැත. එනයින්ම, මා එය ඒ තරම් ගණනකට ගත්තේද නැත.

කෙමෙන් කාලය ගත වෙද්දී, දණහිස් ඉදිමෙන්නටත්, ඇවිදීමට හෝ අඩිය තැබීමට අපහසුතාවයක් ඇති විය. ඉස්සර පැය ගණන් ආසාවට පංචිකාවත්තේ කඩ ගානේ, පිටකොටුවේ රේඩියෝ බඩු කඩ ගානේ ඇවිද පුරුදු මට මෙය මහත් හිසරදයක් විය. ආච්චිට බබා හම්බුවෙන්න එන බව තේරුනේ එවිට ය.

ඒ අනුව, මම ඉංග්‍රිසි බෙහෙත් පාවිච්චි කළෙමි. ඕස්ට්‍රේලියානු නිශ්පාදනයක් කියා යම් දුඹුරු පාට පෙත්තක් තවත් බෙහෙත් සමඟ උදේ සවස ගතිමි. නමුත්, සුළු සහනයක් හා සාක්කුව පමණක් හිස් වන බව දැනුනු නමුත්, මා බලාපොරොත්තු වූ ආකාරයේ සහනයක් ලැබුනේ නැත.

ආයුර්වේද බෙහෙත් සඳහා යොමු වූයේ ඉන් අනතුරුව ය. නාවින්නේ ආයුර්වේදයට යන්නේ ඒ අනුව ය. ඒ බෙහෙත් වලින් සුවයක් නොලැබුවා යයි මට කීමට බැරි ය. නමුත්, ඒ ප්‍රතිකාර හරියට කෙරුනේ නැත. සමහර බෙහෙත් සොයා ගැනීම පවා දුෂ්කර විය. බැවිල මුල් සොයා බෙහෙත් කඩවල් පීරන්නට සිදු විය. බැවිල ශාකයම පිටින් මිස මුල් වෙන් කර දීමට ඔවුන් කැමති වූයේ නැත. ඒ අස්සේ, ගෑස් ප්‍රශ්නයද තදින් දැනෙන්නට විය. තිබෙන ගෑස් ටිකෙන් බත උයා ගන්නවාද, නැත්නම් බැවිල මුල් තම්බනවාද යන ප්‍රශ්නයද මතු විය.

කෙසේ හෝ ඒ ආයුර්වේද තෙල් ටික ගා ගැනීමද කියන තරම් ලෙහෙසි පහසු නොවී ය. ඇත්තටම ඒ වෙද මහත්වරුන් දෙන තෙල් සාත්තුව ගෙවල් වල දෙන්නට බැරි බව මා පළවෙනි දවසේම තේරුම ගත්තේ ය.  ටික දිනකින්ම ඒ ප්‍රතිකාරයටද තිත තබන්නට සිදු විය. 

මේ වන විට මගේ දණහිස් ආබාධය තරමක් දරුණු අතට හැරී කිහිලිකරුවක් නැතිව ඇවිදීමට නොහැකි තත්ත්වයක් මතු විය. දකුණු කකුලේ දණහිස් ආබාධය තදේට පැවතුනත් වාහනයේ බ්‍රේක් ගැසීමට හා ඇක්සලේටරය පෑගීමට එය බාධාවක් නොවී ය. ඔය අතර මා මහනුවර අධිකරණයටද ගියේ ය. නමුත්, අමාරුවෙන් පඩිපෙළ ටික නැග ගැනීමට සමත් විය.

මා මෙසේ පීඩා විඳිද්දී හදිසියේම අපගේ ඥාතියෙක් නිවසට පැමිණියේ ය. ඒ හරියටම සිංහල අවුරුදු දිනයේ දී ය. ඔහුටද දණහිස් අමාරුවක් තිබී ඒ අමාරුව සුව කර ගත් ආකාරය ඔහු මට පහදා දුන්නේ ය. දැන් ඔහුට සියයට සියයක්ම සුව ය. ඔහුට මේ ප්‍රතිකාරය සඳහා ගත වී ඇත්තේ හරියටම දින 3 කි.

මාද ඔහු කී ලෙසම, ඒ ප්‍රතිකර්මය සඳහා යොමු විය. මා තවම එය පාවිච්චි කළේ එක දවසකි. දැන් මගේ දණහිස් ආබාධයෙන් සියයට අසූවක් සුව ය. මට දැන් මහත් සුවයක් දැනේ. එහෙයින්, මේ දණහිස් ආබාධයන් නිසා දුක් විඳින සුවහසක් අම්මාවරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන් මම එය ලියා තබමි. 

සම්පූර්ණ සුවය ලද පසු ලියන්නට සිටියත්, හෙට දවසේ අනාගතය ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නොමැති බැවින්  අද දිනම එය ලියන්නට තීරණයක් ගතිමි.

මුළින්ම කොයි ලෝකෙන් හෝ ගංසූරිය ගහක් සොයා ගත යුතු ය. මීට වුවමනා කරන්නේ ගන්සූරිය ගසේ කොල හා පොතු ය.  

හැබැයි, මේ ගස සොයා ගැනීමට නම් මට මහත් කට්ටක් කන්නට සිදු විය. බොහෝ දෙනා මේ ගස හඳුනන්නේ නැත. හඳුනනවා වුවත්, මෑත කාලයේ ඔවුන් මේ ගස දැක තිබුණු ස්ථානයක් මතකයේ නැත. 

මේ  ගස ගැන විස්තර සොයා බැලීමේදී මට දැන ගැනීමට ලැබුනේ ඉස්සර වැට මාර, වැට මුරුංගා මෙන්ම මේ ගංසූරිය ගසද වැටවල් වලට වවා ඇති බව යි. නමුත්, බොහෝ  දෙනා වැටවල් ඉවත් කර තාප්ප බැඳීම නිසා දැන් ගංසූරිය ගහක් බෙහෙතකට වත් සොයා ගැනීමට නොහැකි ය. 

මා පෙර කළ යම් පිනක් හේතුවෙන් මට අහම්බෙන් හමු වූ කෙනෙකු මේ ගංසූරිය ගහේ අතු කැබැලි කිහිපයක් මා වෙත ලැබෙන්නට සැලැස්වී ය. එතුමාට බොහෝ පින් ය. මේ පින්තූරය ඒ ගංසූරිය ගහේ මට ලැබුනු අතු කැබැල්ල යි. එහි කොල පොඩි අතර බෝ කොලයක හැඩැති ය. මේ ජායාරූපය දෙස බැලීමෙන් ඔබට ඒ පිළිඹඳව යම් අවබෝධයක් ලබා ගත හැකි ය. 

මතු ප්‍රයෝජනය සඳහා මම එය ගෙවත්තේ පිටුපස කොටසේ එහි අතු කැබැල්ලක් ඉන්දවීමි. මට නැතත්, කවදා කවුරුන් හෝ ඉන් ප්‍රයෝජනයක් ගනු ඇතැයි සිතමි.

මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොට උණු වතුරෙන් හොඳින් තවා ගන්න. අනතුරුව දණහිස් සඳහා ඇති තෙල් ටිකක් හොඳින් දණහිසේ සහ දණහිසින් පහළ කොටසේ ගාන්න. මෙහිදී තෙල් ටික වළලුකර සිට දණහිස දක්වා ඉහළට ආලේප කිරීමට සිහියේ තබා ගන්න. මා විසින් මේ සඳහා පාවිච්චි කළේ දණහිස් ආබාධය සඳහා මා හට ආයුර්වේදයෙන් ලබා දී තිබුණු තෙල් ම ය. ඔබ බෙහෙත් කඩ වල ඇති වෙනත් තෙලක් භාවිතා කළත් වරදක් නොමැති බව මගේ විශ්වාසය යි.

අනතුරුව, මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා ගත යුතු ය. ඔය වංගෙඩි සෙල්ලම ටිකක් කරදර බැවින් මා නම් කළේ ග්‍රයින්ඩරයේ දමා ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැනීම යි. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.

ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, පොතු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. ගෙවල් වල ඕකද ලෙහෙසි නැත. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගැනීමට සිදු වනු ඇත.  මෙය බැඳ ගත්තාට පසු ඔබ දිස් වන්නේ හිඟන්නෙකු සේ ය. පොල් කට්ටක් ගෙන හන්දියක සිටියහොත්, මිනිසුන් ඔබ හිඟන්නෙකු යයි සිතා සල්ලි දී යනු නිසැක ය.

මා දැන් මේ ප්‍රතිකාරය කර පැය ගණනකි. මට සෑහෙන සුවයක් ලැබී ඇත. මට වියදමකට ගියේ මී තෙල් බෝතලයට ගිය මුදල පමණි. මී තෙල් බෝතල් කාලක් බෙහෙත් කඩේ රුපියල් 300 කි. 

මගේ සිත නිතරම කීවේ මේ ප්‍රතිකාරය තවත් කෙනෙකුට කිවුවොත් තවත් කාට හෝ ඉන් සහනයක් ලබා ගත හැකි බව ය.

මා  මෙන්ම දණහිස් ආබාධ වලින් පීඩා විඳින බොහෝ දෙනා අප අතර ඇත. සමහරුන් එය කියන්නටද අකමැති ය. අද මා විඳින සහනය අපමණ ය. කවුරුන් හෝ මේ ප්‍රතිකාරයෙන් යම් සහනයක් ලබනවා නම් එය මගේ එකම සතුට යි.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය නීතිඥ චූලා අදිකාරි මහතා සතු අතර උපුටාගැනීම් එතුමාගේ අවසරය මත සිදුවිය යුතුය.

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts No results found
Newer Posts

You may like these posts

Thisarana Arama

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2022 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us