24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive පොහොර ගස හෙවත් මී ගස
archive

පොහොර ගස හෙවත් මී ගස

අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනම් කරපු එකම වෘක්ෂයයි.
Thisarana Arama
Thisarana Arama
09 Feb, 2022 0
Facebook
Twitter
Telegram
WhatsApp

අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනම් කරපු එකම වෘක්ෂයයි.

කෙතරමි පූජනීය වුවත් බෝ ගස කපන්නට රජුගෙන් අවසර ගත යුතු වූයේ නැහැ. නමුත් මී ගස තහනමි. 1833 සුද්දා විසින් ඉදිරිපත් කෙරූ " කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණවලින් " පසු මී ගස කැපීම ආරමිභ වූවා.
 
කුඹුරේතැන තැන තිබූ දැවැන්ත මී ගස් ටික කැපුවෙි අපිමයි. සුද්දා ඒකට අපව දිරිමත් කලා. ගොවි බිමි පාලු උනාම අපි සුද්දගෙ වත්තෙ වැඩට ගියා. පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස. මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා. එයින් ගිනි පෙටිටි පියනක පුමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා. වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ. බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා. හැබැයි දිරාපත් නොවෙන බැර ලෝහ නැතුව . රසායනික පොහොර වල ඇති බැර ලෝහ නිසා අපේ වකුගඩු විනාශ වනවා.

මී ගසට ඇදී එන වවුලන් නිසා ගොවිතැනට ඇදී එන පළිබෝදකයන් විශාල ලෙස පාලනය වන අතර මී ගසේ මල්වලට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයමි මැස්සන් කුඹුරට ඇදී ඒම සීමා වෙනවා.
මෙලෙස ස්වාභාවික පලිබෝද පාලනය මී ගසේ ඇති තවත් එක් සුවීශේෂී ලක්ශනයක්.
සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි.

පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට වි‍ශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු කිරීමයි.   

සටහන: රජරට අනුරාධ තෙන්නකෝන්

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Thisarana Arama

Featured Post

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Thisarana Arama- Wednesday, August 17, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
පොහොර ගස හෙවත් මී ගස

පොහොර ගස හෙවත් මී ගස

Thursday, February 10, 2022
මනුෂ්‍යයා ජීවත් වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි

මනුෂ්‍යයා ජීවත් වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි

Wednesday, February 09, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
පොහොර ගස හෙවත් මී ගස

පොහොර ගස හෙවත් මී ගස

Thursday, February 10, 2022
මනුෂ්‍යයා ජීවත් වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි

මනුෂ්‍යයා ජීවත් වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි

Wednesday, February 09, 2022

Populart Categoris

  • archive10
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2022 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us