24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive ගොටුකොළ පානය
archive

ගොටුකොළ පානය

Thisarana Arama
Thisarana Arama
22 Dec, 2020 0
Facebook
Twitter
Telegram
WhatsApp


වර්ථමානයේ සමාජයේ බොහෝ දෙනෙක් කාර්ය බහුල ජීවිතයක් ගත කරති. ඒ නිසා පෝෂ්‍ය දායක ගුණ දායක ආහාර රටාවෙන් ඈත් වී තිබේ. ගොටුකොළ යනු අපි කවුරුත් හොඳින් අඳුනන පලාවකි. ගොටුකොළ කැඳ, සම්බෝල ආදිය ඉතා රසවත් හා ගුණදායක ආහාරයක් වුවද අවාසනාවකට මෙන් කාලයෙහි ඇති අර්බුදය නිසා කලාතුරකින් කෙනෙකුට එහි රසවිඳින්ට ලැබේ. ලංකාවේ දශක කිහිපයකට පෙර සිටි පරම්පරාවේ අම්මලා නම් දරුවන්ට බලෙන්ම වගේ ගොටුකොළ කැඳ වැනි ගුණදායක පාන ලබාදුනි.

ගොටුකොළ විවිධ ආකාරයට රසවත්ව සෑදිය හැකිය. පොල්කිරි දමා කිරෙන් තම්බා තුනපහ අඩුම කුඩුම සමඟ රසවත් ව්‍යංජනයක් සාදාගත හැක. සම්බෝල වශයෙන් ද ගොටුකොළ කැඳ ආකාරයෙන් ද බොහෝ දෙනාට ආහාරයට ගැනීමට හැකිය. ඉතින් අද අපි කියා දෙන්නේ ගොටුකොළ වලින් සෑදිය හැකි ඉතාම රසවත් පානයක් ගැනය. මේ විස්තර අපට කියා දුන්නේ බේරුවල කොකො විලා (Coco Villa) රෙස්ටුරන්ට් අධිපති පින්වත් සුමල් ප්‍රනාන්දු මහතාය. ඔහු වෙත පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තූතිය පළමුව පුද කළ යුතුය.

අවශ්‍ය ද්‍රව්‍ය –

1. තැඹිලි ගෙඩි 3

2. ගොටුකොළ මිටි 1

3. දෙහි ගෙඩි 1

4. ඉඟුරු මේස හැන්දක ඉස්ම

5. බෝතලයක් (වීදුරු බෝතලයක් නම් වඩාත් සුදුසුය)

පළමුව අප කළ යුත්තේ අලුත් ගොටුකොළ මිටියක් ගෙන හොඳින් සෝදා ගැනීමය. ඉන්පසු වංගෙඩියක දමා හොඳින් කොටා ගත යුතුය. බ්ලෙන්ඩරය භාවිතා කළහොත් ගොටුකොළ ඉස්ම තිත්ත ගතියට හැරේ. ඒ නිසා මතක ඇතිව වංගෙඩියම භාවිතා කරන්න. මෙසේ කොටා ගත් ගොටුකොළ ටික පිරිසිදු රෙදි කඩකට දමා මිරිකා වෙනත් භාජනයකට ඉස්ම ටික ගන්න.

මේ ආකාරයෙන්ම ඉඟුරු කැබැල්ලක් ගෙන හොඳින් තලාගෙන රෙදි කැබැල්ලක ආධාරයෙන් ඉස්ම මේස හැන්දක ප්‍රමාණයට එන සේ මිරිකා සකසා ගන්න.

දැන් තැඹිලි ගෙඩි 3 කපා එහි ඇති තැඹිලි වතුර භාජනයකට පෙරා දමා ගන්න. එයට සකසා ගත් ගොටුකොළ ඉස්ම හා ඉඟුරු ඉස්ම එක් කරගන්න. දෙහි ගෙඩියක ඇඹුල් ද එක් කරගන්න.

දැන් මේ මිශ්‍රණය හොඳින් කවලම් කර වීදුරු බෝතලයක් ගෙන එයට දමා ගන්න. මෙහි නියම රසය ගැනීමට අවම විනාඩි 30ක් පමණ ශීතකරණයේ තැබිය යුතුය. මෙය දොළොස් පැයකට වඩා තැබිය නොහැකිය. එවිට රසය වෙනස් වන නිසාය.

මේ ගොටුකොළ Drink එක අපි රස වින්දෙමු. එය සැබවින්ම ඉතා රසවත් බීමකි. අපගේ වෙහෙස නිවී ගියේය. ඒ මොහොතේම ගත සිහිල් වී ගියේය. සිතට ද පහසුවක් දැනිනි. අපගේ වෙහෙස නිවුන ඉතා ගුණදායක මේ ප්‍රණීත ගොටුකොළ Drink එක ඔබත් රස විඳින්න. අන් අයටත් මෙයින් සංග්‍රහ කරන්න. උදේ වරුවෙහි සංඝයාට පිදීමට කදිමය.

සවස් වරුවේ ගිලන්පසක් විදිහට පුදන්නේ නම් තැඹිලි වෙනුවට සීතල ජලය එක් කරගන්න. අයිස් කැබලි කිහිපයක් දැමුවොත් ඉතා රසවත් විය හැකිය. සීනි ලුණු අවශ්‍ය නොවේ.

“දත්වා ච භුත්වා ච යථානුභාවං

අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන්ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

උපුටාගැනීම: Mahamegha.lk - අෂාන් ඉමල්ක

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Thisarana Arama

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2022 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us