24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive තිසරණ ගුණ සරළ බසින්
archive

තිසරණ ගුණ සරළ බසින්

අරහං - බුදුරජාණන් වහන්සේ, රාගය දුරු කළා, ද්වේශය දුරු කළා, මෝහය දුරු කළා ඒ නිසා දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් ආමිස, ප්‍රතිපත්ති පූජා ලබන්න සුදුසු බැවින්
Thisarana Arama
Thisarana Arama
01 Feb, 2022 0
Facebook
Twitter
Telegram
WhatsApp
අප ලැබූ මේ මිනිස් ජීවිතය කොපමණ කලක් පවතී දැයි අප නොදනිමු. එහෙත් යම් දිනෙක මෙය අවසන් වන බව නම් අප හොදින් දනිමු. ඉතින් අප ඉපදී මිය යන මේ අතර තුර කාලය තුළ අප ජීවිතය ගත කරන ආකාරයෙනුයි අපගේ පරලොව ජීවිතයේ සුගතිය හෝ දුගතිය තීරණය වන්නේ. එබැවින් අප ලැබූ මේ දුර්ලභ මිනිස් ජීවිතය මනා අවබෝධයකින් පරිහරණය කළ යුතු වෙනවා. 

එම අවබෝධය නොමැති කෙනා විශේෂයෙන් තරුණ වයසෙදීත්, මැදි වයසෙදීත් සිතින්, කයින් හා වචනයෙන් බොහෝ පව් රැස් කරගෙන, ජීවිතයේ අවසාන කාලයේ දී තමන් කළ පව් ගැන සිතා බොහෝ සෙයින් පසුතැවීමට පත්වෙනවා.

නුවණැත්තා හැර අන් සෑම පුද්ගලයෙක් ම ජීවිතය සැහැල්ලූ කොට සිතනවා. එබැවින් සිතට එන-එන සිතිවිලි සිතන්නටත්, කටට එන-එන වචන කියන්නටත්, කරන්නට සිතෙන-සිතෙන දේ කිරීමටත් ඔවුන් පෙළබෙනවා. එයම ඔවුන්ගේ මහා විනාශයකි. මන් ද යත් සිත, කය, වචනය නිතර නැඹුරුව පවතින්නේ පාපයට බැවිනි.

තමන් මනා සිහියකින් නොසිටිය හොත් මේ තිදොරින් බොහෝ පව් රැස් වී හමාරය. ඔබ කිසි කලෙක සිතන්නට එපා එලෙස රැස් වෙන පාපය සැපක් නම් ගෙන දේවි කියා. අවස්ථාව එන තුරු ඒ පාපය අළු යට ගිනි පුපුරු සේ තිබී පව් කළ තැනැත්තා විනාශ කර දමනවා. ඇතැම් විට සිනහ සිසී පව් රැස් කලත්, යම් දිනෙක එම සිනහවේ මතකයක් වත් ඉතුරු නොකර මහා දුක් ගඟක් එම පව් කළ තැනැත්තාගේ ජීවිතයට ගලන්න පටන් ගන්නවා. මේ තුන් ලෝ තලයෙන් ම පාපයෙන් සදාකල් සැප ලැබූවෙක් එදත්, අදත්, මතුවටත් හමුවන්නේ නම් නැත.

ඔබ දැන් මොහොතක් සිතා බලන්න, ඔබ උදේ අවදි වී රාතී‍්‍ර නින්දට යන තුරු දවසේ සිදු කරන වැඩ කටයුතු ගැන. ඔබ දැන්  මම දවසේ වැඩ කටයුතු අවසන් කළා කියා සැනසුම් සුසුම් හෙලූවත්, යම් දිනෙක ජීවිතයේ අවසන් සුසුම හෙලන අවස්ථාවේ, ඔබ මේ සැනසුම් සුසුමින් අවසන් කළ කිසිවක් ඔබට සැබෑ සැනසීමක් නොවනු ඇත. එබැවින් තවත් පමා නොවී දැන් දැන් ම අවදි වන්න. කලාතුරකින් ලොව පහල වී වදාළ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝක සත්වයන් හට මහා කරුණාවෙන් දෙසා වදහළ ඒ අමෘත ශී‍්‍ර සද්ධර්මය පුරුදු කර,  ධර්මයේ ශාන්තියෙන් ම තම ජීවිතය සුවපත් කරගන්න මහන්සි ගන්න.

මනා පුහුණුවකින් ඔබගේ දවසේ වැඩකටයුතු වලට ද බාධාවකින් තොරව ධර්මය දියුණු කිරීමට හැකිවීම ම ධර්මයේ ඇති එක් සුන්දර ආශ්චර්යකි. එම ආශ්චර්යයේ මිහිර ඔබත් විඳ මෙතුවක් කල් කතරක අතරමං වූ ඔබෙ ජීවිතයට සියලූ යහපත හා සැනසීම උදාකර ගන්න.

ඒ සදහා ඔබ පළමුව කළ යුත්තේ බුදු රජාණන් වහන්සේගේ සැබෑ ම ශ‍්‍රාවකයෙකු වීමයි. එය ඔබගේ පරම්පරාවෙන් හෝ උප්පැන්න සහතිකයෙන් ඔබට නොලැබෙනු ඇත. ඒ ශ‍්‍රාවකත්වය ඔබට ලැබෙනුයේ ඔබගේ ම අවබෝධය තුලින් වීම විශේෂයකි. එනම් ඔබ බුදු රජාණන් වහන්සේගේ ගුණ, ශී‍්‍ර සද්ධර්මයේ ගුණ හා මහා සංඝ රත්නයේ ගුණ පිළිබ`දව මනා අවබෝධයක් ඇති කරගත යුතුය.

ඒ අවබෝධයයි ඔබව බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකු බවට පත් කරවන්නේ. දැන් මදක් සිතා බලන්න මෙතුවක් කල් ඔබ බුදු ගුණ, දම් ගුණ හා සඝ ගුණ වල අර්ථ සිංහල භාෂාවෙන් දැන, මතකයේ රඳවාගෙන සිටියා ද? ඔබ එය දැනගෙන, මතකයේ රඳවාගෙන නොසිටියා නම් තිසරණ ගුණ දැන, මතකයේ රඳවා ගන්නා තාක් ඔබට බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකත්වය නොලැබෙනු ඇත. ඔබ බෞද්ධයෙකු යැයි සිතා සිටියද එය ඔබගේ ම සිත රවටා ගැනිමකි.

දැන් දැන් ම එම මුලාවෙන් මිදී මුළු හදවතින් ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය සැබෑ ම ශ‍්‍රාවකයෙකු වීමට පමා නොවන්න. ඒ සඳහා මෙතැන් පටන් ඔබට බුදු ගුණ, දම් ගුණ හා සඝ ගුණ වල අර්ථ මතකයේ රඳවා ගැනීමට හැකිවන අයුරින් ඉතා සරල බසින් හා කෙටියෙන් විස්තර කරනු ඇත. මෙය නිතර නිතර භාවිතා කර තම සිතෙහි ධාරණය කරගන්න මහන්සි ගන්න. එයම ඔබගේ ජීවිතය සුන්දර කිරීමට උපකාර වනවා නොඅනුමානයි.


බුදු ගුණ

 1) අරහං - බුදුරජාණන් වහන්සේ, රාගය දුරු කළා, ද්වේශය දුරු කළා, මෝහය දුරු කළා ඒ නිසා දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් ආමිස, ප්‍රතිපත්ති පූජා ලබන්න සුදුසු බැවින් අරහං නම් වන සේක.

2) සම්මා සම්බුද්ධ - බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ විසින්ම, ගුරු උපදෙස් රහිතවම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කල නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

3) විජ්ජාචරණ සම්පන්න- බුදුරජාණන් වහන්සේ, අවබෝධයට අනුවම හැසිරුණු නිසා (අෂ්ට විද්ද්‍යා,පසළොස් චරණ ධර්ම) විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4) සුගත - බුදුරජාණන් වහන්සේ, මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ නිසා සුගත නම් වන සේක.

5) ලෝකවිදු - බුදුරජාණන් වහන්සේ, සියලුම ලෝකයන් අවබෝධ කරගෙන, ඒ ලෝකයන්ගෙන් සදහටම මිදුන නිසා ලෝකවිදූ නම් වන සේක.

6) අනුත්තර පුරිසධම්ම සාරථි - බුදුරජාණන් වහන්සේ, නොදැමුනු අය දමනය කොට, දහම තුළ කීකරු කරවූ බැවින් අනුත්තර පුරිසධම්ම සාරථි නම් වන සේක.

7) සත්ථා දේවමනුස්සානං - බුදුරජාණන් වහන්සේ, දෙවියන්ගේත් මිනිසුන්ගේත් එකම ශාස්තෘන් වහන්සේ වන නිසා සත්ථා දේවමනුස්සානං වන සේක.

8) බුද්ධ - බුදුරජාණන් වහන්සේ, අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන්‍යයන්ටද අවබෝධ කර ගැනීමට දේශනා කළ බැවින් බුද්ධ නම් වන සේක.

9) භගවා - බුදුරජාණන් වහන්සේ, මේ සියලු බුදු ගුණ දරා වැඩ සිටින්නට තරම් භාග්‍යවන්ත වූ නිසා භගවා නම් වන සේක.


සදහම් ගුණ

1) ස්වාක්ඛාතෝ - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත්, මැද කොටස නම් වූ සමාධියත්, අවසානය නම් වූ ප්‍රඥාවත් ඉතා යහපත් ලෙස දේශනා කළ හෙයින් ස්වාක්ඛාත වන සේක.

2) සන්දිට්ඨිකෝ- බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්ම මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි නිසා සන්දිට්ඨික වන සේක.

3) අකාලිකෝ- බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්ම අතීත, අනාගත, වර්තමාන භේදයකින් තොරව අවබෝධ කළ හැකි නිසා අකාලික වන සේක.

4) ඒහිපස්සිකෝ- බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ කිසිදු රහසක් නැති නිසා ඕනෑම අයෙකුට එන්න ඇවිත් බලන්න යැයි කිව හැකි බැවින් ඒහිපස්සික වන සේක.

5) ඕපනයිකෝ- බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය තම තමන්ගේ ජීවිත තුළට පමුණුවා ගත යුතු නිසා ඕපනයික වන සේක.

6) පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි- බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයින් හට තම තම නැණ පමණින් අවබෝධ කළ හැකි නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක.


සඝ ගුණ

1) සුපටිපන්නෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කර ගැනීම පිණිස පිළිපන් හෙයින්  සුපටිපන්න වන සේක.

  
2) උජුපටිපන්නෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සෘජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.

3) ඤායපටිපන්නෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.

4) සාමීචිපටිපන්නෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයෙහි පතුරුවා හරින හෙයින් සාමීචිපටිපන්න වන සේක.

(යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය යුගළ වශයෙන් සතරක් ද පුද්ගල වශයෙන් ගත් කල අට දෙනෙක් ද වන සේක.)

5) ආහුණෙය්‍යෝ - බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙළ කොට ගෙනවිත් පූජා කිරීමට සුදුසු හෙයින් ආහුණෙය්‍ය වන සේක.

6) පාහුණෙය්‍යෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ආගන්තුකයින් වශයෙන් වැඩම කළ කල්හි සිව් පසයෙන් උපස්ථාන කිරීමට සුදුසු නිසා පාහුණෙය්‍ය වන සේක.

7) දක්ඛිණෙය්‍යෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මෙලොව, පරලොව පින් සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසු නිසා දක්ඛිණෙය්‍ය වන සේක.

8) අඤ්ජලිකරණීයෝ- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය දෙව්_මිනිසුන්ගේ වන්දන මානනයන්ට සුදුසු නිසා අඤ්ජලිකරණීය වන සේක.

9) අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති- බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය දෙව්_මිනිස් ලෝකයාහට පින් අස්වනු නෙළාගන්න, උතුම් වූ පිං කෙතක් වන නිසා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්ත වන සේක.


යෝ ච බුද්ධං ච  ධම්මං ච - සංඝං ච සරණං ගතෝ

චත්තාරි අරියසච්චානි - සම්මප්පඤ්ඤාය පස්සති

යමෙක් අවබෝධයෙන් ම බුදු රජාණන් වහන්සේ සරණ යයි නම්, ඒ වගේම ශී‍්‍ර සද්ධර්මය හා මහා සංඝ රත්නයත් සරණ යයි නම්, ඔහු ප‍්‍රඥාව දියුණු කරගෙන, චතුරාර්ය සත්‍යය ධර්මය, අවබෝධ කරගන්නේ ය.
                                    
(ධම්ම පදය-බුද්ධ වර්ගය)

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Thisarana Arama

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2022 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us