24 C
en
  • Posting Guidelines
  • Privacy Policy
  • Disclaimer
  • About
  • Contact Us
Thisarana Arama

Mega Menu

  • Home
  • Archive
  • Photos
  • Video
  • About
  • Contact Us
  • Featured
    • Home - Homepage
    • Home - Post Single
    • Home - Post Label
    • Home - Post Search
    • Home - Post Archive
    • Home - Eror 404
    • Changelog
      New
Thisarana Arama
Search
Home archive මනුෂ්‍යයා ජීවත් වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි
archive

මනුෂ්‍යයා ජීවත් වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි

මී මැස්සා කියන්නේ පරමාදර්ශීම සත්වයා. අපේ ආහාර වෙනුවෙන් අපි කෘතවේදී වෙන්න ඕනේ මී මැස්සන්ට.
Thisarana Arama
Thisarana Arama
08 Feb, 2022 0
Facebook
Twitter
Telegram
WhatsApp


මනුෂ්‍යයා ජීවත්වන්නේ මී මැස්සා ජීවත් වන තෙක් පමණයි.මී මැස්සන් සදහටම තුරන් වී ගිය දවසේ සිට මිනිසාට ජීවත් විය හැක්කේ උපරිම අවුරුදු 4කි. 

  • ඇල්බර්ට් අයින්ස්ටයින්

මී මැස්සා කියන්නේ පරමාදර්ශීම සත්වයා.අපේ ආහාර වෙනුවෙන් අපි කෘතවේදී වෙන්න ඕනේ මී මැස්සන්ට.මොකද ලෝකේ පරාගනයෙන් 70%ට වැඩි කොටසක් ඉටු කරන්නේ මේ පුංචි කෘමියා.

සාමාන්‍ය මී වදයක මී මැස්සෝ 60000 විතර ඉන්නවා, ඒත් එක රැජිණයි!රැජිණ කවුද කියල තෝරන්නේ මී මැස්සන්ම තමයි.රාජ ජල්ලි කවලා හොඳ පෝෂණයක් නිරෝගිබවක් සපලතාවයක් ලබා දෙනවා.ඒ නිසාම රැජිණ අවුරුදු 5ක් විතර ජීවත් වෙනවා.මැගෙන් බලාපොරොත්තු වෙන්නේ වර්ගයා බෝ කිරීම පමණයි!!!! මී මැසි ගනාවසයේ අනිත් හුඟ දෙනා, වැඩකරන මී මැස්සියෝ ....මිනිත්තුවකට 12000 වාරයක් තටු සලමින්,පැයකට සැතපුම් 15ක වේගයෙන් පියාබන,දිනකට මල් 2000ක් සොයාගෙන ඒ ගැන යාලුවන්ටත් දන්වන මී මැස්සා,විවේකයක් ගැන නං හිතන්නෙවත් නෑ,තද වෙහෙසක් නිදිමතක් දැනුනොත් විතරක් මලක් උඩ තප්පර ගානක් ඇහැ පියාගන්නවා.මේ තරන් මහන්සි වෙලත් මී මැස්සෙක් තමන්ගෙ මුලු ජීවිත කාලෙම හදන්නෙ තේ හැන්දෙන් 1/12 ක මී පැනි ප්‍රමානයක්! 

මී මැස්සන්ගේ සන්නිවේදන ක්‍රමය බොහොම ලස්සනයි, ඒක නැටුමක්!නැටුම තොරතුරු හුවමාරු මාධ්‍ය කරගත් එකම සත්වයා මී මැස්සා.මල් තියෙන්නේ කොහෙද, කොච්චර දුරකින්ද, දිශාව මොකද්ද ,රස කොහොමද,ආපහු කොලනියට එන්නේ කොහොමද මේ ඔක්කොම දන්නවන්නේ උඩට පහලට වමට දකුණට හැරි හැරී කරන නැටුමෙන්.තල ඇටයක තරං මොලයක් තිබ්බත් නියුරෝන දහස් ගණනින් නිර්මිත මොලයක් නිසා හොඳ මතකයක් තියන සතෙක් මේ.ඒ නිසාම අපි වගේම හීන දකිනවලු නින්දේදී...මී මැස්සෙක් තම ගනාවාසය බේරගන්න ජීවිතය පුද දෙන්න දෙසැරයක් හිතන් නෑ.මී මැස්සා විදිද්දී මී මැසි තුඩ එක්කම ආමාශයෙන් කොටසකුත් ගැලවිලා කටින් එලියට එනවා, ඒ කියන්නේ මී මැස්සා විදින්නේ මැරෙන බව දැනගෙන.ඒ වගේම තමන්ගෙ ආයු කාලය ඉවර බව දැනුනොත් මී වදයෙන් එලියට යන්නේ මෘතසිරුරෙන් කොලොනියට වන හානිය වලක්වන්න.

පාරසරික සමතුලිත බවටත් ජීවී පැවැත්මටත් මහඟු සේවයක් කරන,ඒත් කිසිදු සත්වයෙක් සිය ගොදුර බවට පත්කරනොගන්නා එකම සත්වයායි මේ පුංචි කෘමියා.ලෝකයට ‘නරක් නොවන එකම ආහාරය’ සකසාදී සති 4ක 5ක කෙටි ජීවිතයෙන් සමුගන්නේ මුලු ලොවටම ආදරය විනයගරුකබව පරිත්‍යාගශීලීත්වය පිලිබඳ වටිනා පාඩමක් උගන්වමින්!




සටහන: පාරා නිලෙප්තා රණසිංහ.

Facebook
Twitter
Telegram
WhatsApp
Older Posts
Newer Posts

You may like these posts

Thisarana Arama

Featured Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Thisarana Arama- Friday, September 16, 2022
දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022

Editor Post

නිදහස් සටනේ විරුවන්

නිදහස් සටනේ විරුවන්

Tuesday, February 09, 2021
Ruwanwelisaya - Wikipedia

Ruwanwelisaya - Wikipedia

Tuesday, January 25, 2022
අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්

Saturday, December 12, 2020

Popular Post

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

දණහිස් ආබාධයට ගංසූරිය ප්‍රතිකාරය

Friday, September 16, 2022
ෂඩ් ශාස්තෘන්

ෂඩ් ශාස්තෘන්

Sunday, January 30, 2022
ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

ඩෙන්මාකයෙ මිනිස්සු ළමයි හදන විදිය

Wednesday, August 17, 2022

Populart Categoris

  • archive11
  • Wikipedia1
DMCA.com Protection Status
Thisarana Arama

About Us

Get connected with Thisarana Arama and feel the real taste of the consolation with freedom. And also make your loved once get connected with us.

Contact us: contact@aramaweb.com

Follow Us

Copyright © 2020-2022 Powered by Thisarana Arama
  • Disclaimer
  • Privacy
  • Cookies Info
  • Contact Us